ඇමතිවරුන් තිදෙනකුගෙන් පමණක් සමන්විත ලොව කුඩාම කැබිනට් මණ්ඩලය ඊයේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී රැස්වීය.
ඒ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පත්වන කණ්ඩායම සමඟ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇති අතර ඊට පෙර පැවැත්වෙන අවසන් කැබිනට් රැස්වීම මෙයයි.
මහ මැතිවරණයෙන් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් යළි කැබිනට් රැස්වීමක් නො පැවැත්වනු ඇත