.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) දින නියෝග කර ඇත.
මිරිහාන පිහිටි ඇයගේ මවගේ නිවසේ නවතා තිබූ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මෙලෙස නියෝගය ලබාදී ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර ගත කර ඇති අතර අසනීප තත්වයක් හේතුවෙන් ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.