Spread the love

නිමල් රාජපක්ෂ-

රඹෑව, අංක 90 පිලිනිගම ග්‍රාම නිලධාරී වසමේ අලුත්ගම ගම්මානයේ වන අලි දෙදෙනෙකු මියගොස් ඇති බවට වන සත්ව අඩවි සහකාරවරයාට ලද තොරතුරු අනුව පරික්ශාවේදී අනවසර විදුලි රැහැනකට වැදී මියගොස් සිටින වන අලි දෙදෙනා ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (27) දහවල් පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරිනී මදුවන්ති මහත්මිය සිදු කලාය.

මෙම අලි දෙදෙනාට විදුලිසැර වැද්දූ ඉඩමේ හිමිකරු වූ බයියාගේ ගුණදාස යන අය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද හවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු අද (28) දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.