Spread the love

නිමල් රාජපක්ෂ-

කඩවත රටබීම සිල්ලරට විකුණන ස්ථානයක් පරික්ෂාකොට එහි තිබී ව්‍යාජ ස්ටිකර් සහිත සහ ස්ටිකර රහිත කාලේ බෝතල් 243 ක් ගම්පහ සුරාබදු නිලධාරීන් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් කාලේ බෝතල් 47 ක ව්‍යාජ ස්ටිකර් යොදා තිබියදි සොයා ගත් බ ව ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ මහතා පවසයි.

රා නිෂ්පාදන සදහා සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කරන ලද ස්ටිකර අලවන ලද කාලේ බෝතල් 140 කුත් අත්අඩංගුවට ගෙන ඇත.කිසිදු ස්ටිකර් තැති බෝතල් කිහියකුත් ලබා ගත් අතර අදාල ස්ථානය සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයාගේ උපදෙස් මත සීල් තබා ඇත.

මේ වනවිට දින අටකුත් පසුවී තිබෙන අතර තාමත් එම ස්ථානය සීල් තබා ඇතැයිද වැඩි දුරටත් පැවසුවේය.
මේ තුළින් රජයට රුපියල් ල්කෂ තුනකට වැඩි බදු ආදායමක් අහිමි වී ඇතැයිද රොහාන් රණසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු රොහාන් රණසිංහ මහතා,

වීඩියෝව නරඹන්න