Spread the love

නිමල් රාජපක්ෂ-

පවතින වර්ෂාපතනය සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දැදුරු ඔය ජලාශයට එකතුවෙන ජල ප්‍රමාණය පාලනය කර ගැනීම සඳහා මේ වන විට එම ජලාශයේ වාන්දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර තත්පරයට ඝණ අඩි 2800ක ජල ප්‍රමාණයක් මේ වන විට දැදුරු ඔය වෙත නිකුත් කරමින් පවතීන බව වාරිමාර්ග අධ්‍යක්ෂක (ජල කළමනාකරන)වරයා පවසයි.

විශේෂයෙන් ම ජලාශයෙන් පහළ දැදුරු ඔය ආශ්‍රිත පදිංචි ජනතාව ඉදිරියේදී ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය හා වර්ෂාපතනය අනුව වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයක්ද වෙනස් විය හැකි බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරන අංශ මගින් නිකුත් කරන නිවේදන අනුව කටයුතු කිරීම හා ගංගාවේ ජල මට්ටම් වෙනස්වීම් පිළිබඳ ව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ.