Spread the love

නිමල් රාජපක්ෂ

හලාවත,බංගදෙනිය,කරඹ ප්‍රදේශයේ දි අද (.21) අලුයම සිදු කරන ලද වැටලිමකදී රුපියල් කෝටි දහයක් වටිනා තිරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද තෙන්දු කොළ
තොගයක් ප්‍රවාහනය කරද්දී ලොරියක් ,කාරකෙක් සමගින් සැකකරුවන් 2 කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඅඩංගුවට ගත් තෙන්ඩු කොල තොගයේ තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු තෙන්ඩු කොල කිලෝ ග්‍රෑම් 1520 තිබු බව කොළඹ (දිපව්‍යාප්ත) සුරාබදු විශේෂ මේහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක නීල් ඒකනායක මහතා පවසයි.
අදාල තෙන්ඩු කොල තොගය බීඩි නිෂ්පාදනය සදහා යොදා ගත්තේ නම් රජයට රුපියල් කෝටි 9 බදු ආදායමක් අහිමි වන බවද සුරාබදු ස්ථානාධිපතිවරයා පැවසුවේය.
අදාල සැකකරුවන් ඉදිරියේදි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී .එන්. ඒ පේමරත්න මහතා වෙත ඉදිරිපත් කර එතුමාගේ උපදෙස් මත අධිකරණ වෙත ඉදිිරිපත් කිරීමට නියමිතයි

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නිති ක්‍රියාත්මක කිරිම) තිස්ස රාජපක්ෂ සහ සුරාබදු අධිකාරි (දිපව්‍යාප්ත සුරාබදු විශේෂ මේහෙයුම් ඒකකයේ) පි.හේමන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත, දිපව්‍යාප්ත සුරාබදු විශේෂ මේහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක නීල් ඒකනායක මහතාගේ අධීක්ෂණයෙන් , සුරාබදු පරික්ෂක සරත් ජයවිර, සුරාබදු සැරයන් මේජර් අනුර, සුරාබදු සැරයන් මේජර් රවි,සුරාබදු කෝප්‍රල් 669 රත්නායක, සුරාබදු කෝප්‍රල් 1197 හසන්ත, සුරාබදු නියාමක 1198 පැතුම් , සුරාබදු නියාමක රියදුරු හරිස්චන්ද්‍ර, සුරාබදු නියාමක රියදුරු ධනුෂ්ක ඇතුලු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.