Spread the love

පාර්ලිමේන්තු මහ මැතිවරණය පූර්ව සමය මේ දක්වා ඉතා සාමකාමි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව පැවසීය.

මේ දක්වා පැමිණිලි 496ක් පමණක් වාර්තා වී තිබේ.

ඉන් පැමිණිලි 66ක් අපරාධමය පැමිණිලි වෙයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 430ක් වාර්තා වන බව පැවසීය.

පුද්ගලයන් 478 දෙනෙකු මේ වනවිට අත්තඩංගුවට ගෙන තිබේ.

ඒ අතර අපේක්ෂකයින් 14 දෙනෙකු සිටින අතර ආධාරකරුවන් 464 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙ.

වාහන 116 අත්අඩංගුවට ගෙන ඇතිබව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.