දැනට පවතින වැට් බදු අනුපාතයන් අප්‍රේල් මාසයේ සිට පහත දැමීමට රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ.
18% පවතින වැට් බද්ද 3%කින් අඩු කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සමග රාජ්‍ය ආදායම ඉහල දැමීම සඳහා වැට් බදු අනුපාතය 18% ක් දක්වා ඉහල දමන ලදී.
කෙසේ වෙතත් වැට් බදු අනුපාතය සියයට තුනකින් පහළ දැමුවහොත් බදු ආදායම රුපියල් බිලියන තුන් සියයකින් පමණ පහත වැටෙනු ඇති බවද ගණන් බලා ඇත.