Spread the love


නිමල් රාජපක්ෂ

ආර්ථික,සමාජිය සහ දේශපාලනික වශයෙන් වැටී තිබු රට නැවත ප්‍රකෘතිමත් තත්වයට රැගෙන ඒමට වත්මන් ජනපති ඇතුලු රජයට හැකිවු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර අලදෙණිය නගරයේ 444 වෙනි සතොස ශාඛාව විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ වර්තමාන කාලය තුළ යම් ආර්ථික වශයෙන් පිඩාවට පත් ජනතාව සතොස ශාඛාවන් විවෘත කිරිම සහනයක් බවත් වෙළද මාෆියාවකට යටවි තිබෙන වෙළදපොල තුළ භාණ්ඩ හා සේවාවන් ලබා ගැනිමට ජනතාව යැමේදි දැඩි අපහසුතාවයන්ට පත් වන බවය.
ජාතියක් හැටියට අප කළගුණ නොදන්නා සියල්ල අමතක වන පිරිසක් බවට පවතින තත්ත්වය හමුවේ නිර්මාණය වි ඇති බවත් ඇතැම් කුමන්ත්‍රණකාරි බලවේග විසින් මේ සියල්ල විනාශ කර දමන බවත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනතාවට එන්නත් සිදු කළ බවත් ‍කිහිප වතාවක්ම ජනතාව සහන ලෙස මුදල් සහ භාණ්ඩ ලබා දිම් සිදු කළ බවත් ඒ සියල්ල මේ වන විට අමතක වි ඇති බවය.තවද මෙරට දශක තුනක් තිස්සේ පැවති යුද්ධයද අමතක වි ඇති බවත් එසේ අමතක නොකර ජිවත්වමිට සියලු ජනතාව වගබලා ගත යුතු බවද පැවසිය.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ.සත‍ොස මාතලේ ප්‍රාදේශිය කලමණාකරු සුභාෂ් ගලප්පත්ති යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.