තමන් ඇතුළු තම පක්ෂයේ නායකයන්ට මන්ත‍්‍රී වැටුපද නොගෙන පක්ෂයෙන් දීමනාවක්ද නොගෙන ජීවත් විය හැකි බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරයි.
තමන් මහජන නියෝජිතයෙකු වීමට පෙර ජීවත් වූ ආකාරයක් ඇති බවත් අද ද එසේම ජීවත් විය හැකි බවද හෙතෙම පැවසීය.
මහජනතාවගේ දේපොළ සොරකම් නොකර කිසිවකුට කරදරයක් නොකර තම දරුවන් ද අවශ්‍ය නම් පුද්ගලික විශ්ව විද්‍යාවලටද යොමු කිරීමේ වරදක් නැති බවද හෙතෙම සඳහන් කළේය.
