නිමල් රාජපක්ෂ-
ජාතික හැඳුනුම්පත් නොමැතිකම නිසා වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ කඩිනම් වැඩසටහනක්.ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරේ.
මීට අමතරව වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින්, අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් ලබා දෙයි. රුපියල් 3000ක්ව පැවති එම දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට සහ දීමනාව හිමි පුද්ගලයන් සංඛ්‍යාව මිලියනයක් දක්වා වැඩි කිරීමට ද වත්මන් රජය තීරණය කළේය.
ඒ අනුව මේ වන විට ‘අස්වැසුම’ ගිණුම් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 698,790කට සහ තැපැල් කාර්යාල මගින් 232,496කට වැඩිහිටි දීමනාව ලබා දෙයි. නමුත්, ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් ඉන් 76,716 දෙනෙකුට එම දීමනාව අහිමි වී ඇත. එබැවින්, එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කඩිනමින් ජාතික හැඳුනුම්පත් සකස් කර දීමේ විශේෂ වැඩසටහනක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව දියත් කර තිබේ.
යම් හෙයකින් ජාතික හැඳුනුම්පතක් නොමැති වීම නිසා වැඩිහිටි දීමනාව අහිමි වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වෙතොත්, හැකි ඉක්මනින් ග්‍රාම නිලධාරී, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවන ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුම් දෙයි. එමෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හරහා ප්‍රජා ශක්ති, ප්‍රජා සංවර්ධන සභා මගින් තොරතුරු රැස්කිරීමට ද කටයුතු කර ඇත.
ජාතික හැඳුනුම්පතක් නොමැති වීම නිසා වැඩිහිටි දීමනාව අහිමි වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වෙතොත්, හැකි ඉක්මනින් ග්‍රාම නිලධාරී, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවන ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුම් දෙයි. එමෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හරහා ප්‍රජා ශක්ති, ප්‍රජා සංවර්ධන සභා මගින් තොරතුරු රැස්කිරීමට ද කටයුතු කර ඇත.
