නිමල් රාජපක්ෂ-
.
වැලිකඩ බන්ධනාගාර කාන්තා නිලධාරීනියන්ගේ හා නේවාසිකයින්ගේ මානසික හා ආධ්‍යාත්මික අභිවෘද්ධිය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව නිර්මාණය කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කර නිරාවරණය කිරීම සහ වැලිකඩ බන්ධනාගාර කාන්තා අශයේ රැඳවියන්ගේ ආහාර විධිමත්ව හා සුරක්ෂිතව සකස් කර ලබාදීමේ අරමුණ පෙරදැරිව ඉදි කරන ලද කාන්තා අංශයේ මුළුතැන්ගෙය විවෘත කිරීම ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනෙවියගේ හා වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර ගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේදී අද (17) පෙරවරුවේ සිදු විය.
සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කර නිරාවරණය කිරීම වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා විසින් සිදු කළ අතර, වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ මුළුතැන්ගෙය විවෘත කිරීම ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
මෙරට බන්ධනාගාරයක් තුළ කාන්තා අංශයේ රැඳවියන්ගේ ආහාර විධිමත්ව හා සුරක්ෂිතව පිළියෙල කිරීමේ අරමුණින් ඉදි කරන ලද පළමු මුළුතැන්ගෙය මෙය වන අතර, විවෘත කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනෙවිය ඇතුළු බන්ධනාගාර නිලධාරීන් මුළුතැන්ගෙයි කටයුතු නිරීක්ෂණය කිරීමට ද එක් විය.
විශේෂයෙන් කාන්තා අංශයේ මුළුතැන්ගෙය විවෘත කිරීම හේතුවෙන් කාන්තා රැඳවියන් සමඟ බන්ධනාගාරය තුළ සිටින ළමුන්ට ලබා දෙන ආහාර විධිමත්ව හා සුරක්ෂිතව සකස් කර ලබාදීමේ අවස්ථාව ද ලැබෙන අතර, බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවේ සාමාජික, පෑම් හයිඩ්රො පවර් සමාගමේ සභාපති මනෝජි වඩුගොඩපිටිය මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් කාන්තා අංශයේ මුළුතැන්ගෙය සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම සිදු කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස්වරුන්, වැලිකඩ බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී සමන්ත මහනාම මහතා සහ සහකාර බන්ධනාගාර අධිකාරී (කාන්තා) දිස්නා කාරියවසම් මහත්මිය ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, බන්ධනාගාර නිරීක්ෂණ කමිටු සාමාජිකයින් කාන්තා අංශයේ නේවාසික රැඳවියන් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
