2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභා වේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පවසයි.
අදාල මහජන අදහස් විමසීම අද පෙරවරු 08.30 සිට පස්වරු 03.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සම්බන්ධයෙන් වාචික අදහස් ලබාගැනීම සිදු කෙරේ.
2026 වසරේ 2 වන සහ 3 වන කාර්තු සඳහා නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම විසින් යෝජිත අතිවිශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස මහජන උපදේශනය ලබාගැනීමට කොමිසම තීරණය කර තිබුණි.
සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර පැවසීය.
