Spread the love

විදුලි ගාස්තු සංශෝධනය අද (15) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

විදුලිබල මණ්ඩලය යොමු කළ ගාස්තු සංශෝධන යෝජනාව, විදුලිබල මණ්ඩලය මගින් ලබාගත් දත්ත සහ මහජන අදහස් විශ්ලේෂණය කිරීමෙන් පසු විදුලිය ගාස්තු සංශෝධනය කරන බවයි එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ වි‍ශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් අද පස්වරුව වන විට විදුලිය ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත්කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.