Spread the love

විදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස කළ යෝජනාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය සති දෙකකින් ලබා දෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඒ අනුව එම තීරණය මේ මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ලබා දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි ගාස්තු සංශෝධනය සඳහාවන ක්‍රියාවලියේ මහජන අදහස් විමසීම මේ වනවිට ක්‍රියාත්මකයි.

එහි අවසන් සැසියවන බස්නාහිර පළාතේ අදහස් විමසීම මේ මස 8 වැනිදා පැවැත්වීමෙන් පසු ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගන්නා බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ජයනාත් හේරත් මහතා සඳහන් කළේ.