නිමල් රාජපක්ෂ–
මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් අලෙවිකල සැකකරුවන් 13 දෙනෙකු විදේශීය මත්පැන් තොගයක් සමගින් ගම්පහ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් ඉතා සුක්ෂම අයුරින් විදේශීය මත්පැන් කාලයක් තිස්සේ අලෙවි කිරීමේ ජාවාරම සිදු කරගෙන යන බවට ලද තොරතුරකට අනුව ගම්පහ දිසාව භාර සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ මුලිකත්වයෙක් විශේෂ සුරාබදු කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදි ජාවාරම් කරුවන් කොටු කර ගැනීමට සමත් තිබේ.
මෙම ජාවාරම් කරුවන් අලෙවි කිරීම සදහා ළග තබාගෙන සිටි බියර් විස්කි ,බැන්ඩි වැනි විදේශීය මත්පැන් තොගයක් සොයා ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ(08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ වරද පිළිගත් සැකකරුවන් 10 දෙනෙකුට රුපියල් 168000/-ගෙවන ලෙස නියම කළේය.
අධිකරණයට මග හැරිය සැකකරුවන් තිදෙනෙකු ට අත්අඩංගවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කළහ.
ගම්පහ දිසාව භාර සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත , ගම්පහ සුරාබදු අධිකාරි ප්‍රදිප් ජයසිංහ , ජාඇල සුරාබදු අධිකාරී සංදීප ජයසංඛ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ, ජාඇල සුරාබදු ස්ථානාධිපති කලාරසික විජේසිංහ, මීගමුව සුරාබදු ස්ථානාධිපති යාපා, පුගොඩ සුරාබදු ස්ථානාධිපති නීල් ඒකනායක , මීරිගම සුරාබදු ස්ථානාධිපති,රවීන්ද්‍ර පබ්බේරිය යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.