Spread the love

අද දින පැවති සාකච්ඡා සඳහා සහභාගී නොවීමෙන් විපක්ෂයේ නොහැකියාව සහ මිත්‍යාව පෙන්වා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
අද සවස කොස්ගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
වැටී තිබූ ආරථික අර්බුධයෙන් ගොඩ ඒමට IMF සහයෝගය එකඟතාවය මග පෙන්වීම අත්‍යාවශ්‍ය බවට සියළු දෙනා අදහස් ප්‍රකාශ කළ බවයි. ඒ අනුව යම් යම් ධනාත්මක කරුණු සමඟ රජය IMF සමඟ ඉදිරියට ගමන් කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසුවේය.
විපක්ෂය නියෝජනය කරන හරෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් කරන ලද ඉල්ලීමක් පරිදි ජනාධිපතිවරයා ලද පළමු අවස්ථාවේදීම එ් සඳහා අවස්ථාව උදාකරදුන් බව සඳහන් කළ අමාත්‍යවරයා , එහිදී ඔවුන්ගේ ආරථික විශේෂඥයින් ඇතුළු ඕනෑම අයෙකු සමඟ මීට සහභාගී වී හොඳ සාකච්ඡා සභාවක් ගොඩනැගිය හැකිව තිබූ බවද අමාත්‍යවරයා පැවසුවේය.