Spread the love

නිමල් රාජපක්ෂ -.
ප්‍රවේශපත්‍ර ගැටලුවට දුම්රිය දෙපාර්තුමෙන්තුව විසදුමක් ලබා නොදුන හොත් මේ මස 25 දින මධ්‍ය රාත්‍රියේ සිට වෙන්කල ආසන සහිත දුම්රියයන්ගෙන් දුම්රිය නියාමකවරු සේවයෙන් ඉවත්වන බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ.ඩී.කේ ප්‍රසාද් මහතා පවසයි

වෙන්කල ආසන සහිත දුම්රියයන්ගෙන් ප්‍රවේශපත්‍ර පරික්ෂාවේදී නිසි උපදෙස් නිකුත් කරන්න කියලා දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. නමුත් මේ දක්වා නිසි උපදෙස් නිකුත් කරන්න දෙපාර්තුමේන්තුව මේ දක්වා කටයුතු කර නැහැ. දුම්රිය නියාමක වරුන් තමයි වෙන්කල ආසන සහිත දුම්රිය වල පළමු පංතිවේ ප්‍රවේශපත්‍ර පරික්ෂා කරනනේ. ඹන්ලයින් ක්‍රමවේදයට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදීත් එකම ආසනයට මගීන් දෙදෙනකුට නිකුත් කල අවස්ථාද බොහෝයි..

තවදුරටත් අදහස් දැක්වු ප්‍රසාද් මහතා ,

වීඩියෝව නරඹන්න