Spread the love

නිමල් රාජපක්ෂ-

රුවන්වැල්ල යටියන්තොට දැරණියගල , බුලත්කොහුපිටිය, දෙහිඹ්විට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහතුළ සිදු කල සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් වටලා අධිකරණවෙත ඉදිරිපත්කොට හා බලපත්‍ර ලාභීන්ගේ වැරදි සදහා සමථ ගාස්තු අයකොට රුපියල් විසිතුන්ලක්ෂ තිස්නමදාස් හයසියයක දඩ ආදායමක් රජයට ලබාදීමට සමත්වු බව රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති ශාන්ත කුමාර මහතා පවසයි.


එහිදි මත්ජාවාරම සදහා සැකකරුවන් 361 කොටු කොට අවිස්සාවේල්ල හා රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත්කොට රුපියල් විසි එක් ලක්ෂ හැත්තෑපන්දහසක දඩ ආදායමක් ලබා ගැනිමට සමත්වී ඇත.
මීට අමතරව හෝටල් ආපනශාලා හා රටබීම හල්වල සිදු කල පරික්ෂාවකදී බලපත්‍ර ලාභීන් සිදු කල වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා 25 දෙනෙකුට ලබාදී අදාල බලපත්‍රලාභීන්ගෙන් පෙරවැරදි සලකා බලා රුපියල් එක් ලක්ෂ හැටහතරදාස් හයසියයක සමථ ගාස්තුවක් අයකර ගැනිමට සමත්වි තිබේ.
ඉතාමත් අඩු පහසුකම් යටතේ නිසියාකාර රාජකාරී කිරිමට තරම්වත් කාර්යාල පහසුකම් නොමැතිව නිලධාරින්ගේ අඩුපාඩුකම් මැද්දේ මෙසේ ගතවු මාස දහයතුළ මත්ජාවාරම් කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනිමට සමත්වු බවද රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති ශාන්ත කුමාර මහතා පැවසුවේය

වැඩි දුරටත් අදහස් දැක්වු ශාන්ත කුමාර මහතා ,

වීඩියෝව නරඹන්න ,

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතාගේ උපදෙස් මත , කැගල්ල සුරාබදු අධිකාරී වජිර විජේසිංහ මහතාගේ අධික්ෂණය යටතේ රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති ශාන්ත කුමාර මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරික්ෂක නුවන් අදිපත්තු, සැරයන් මේජර් ගම්ලත්, කෝප්ප්‍රල්වරුන් වන 1080 ඩයස්, 1144හසිත,1165දිනේෂ්.1177වීරකෝන්,රියදුරු රුවන් යන නිලධාරීහු මෙම වැටලිම් සිදු කළහ.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න