නිමල් රාජපක්ෂ-
2026 වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සම්මේලනය (MAF) පවසයි.
මෙවර තරගාවලිය සඳහා සමාගම් 46ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,824 දෙනෙකු සහභාගී වන අතර, මලල ක්‍රීඩා ඉසව් 333ක් පැවැත්වීමට නියමිතය.
අගෝස්තු 21, 22 සහ 23 යන දිනවල පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ ආයතනික මට්ටමේ මලල ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.
මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වීම හේතුවෙන් තරගකාරීත්වය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති. එමෙන්ම විවිධ ආයතනවල සේවය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටත්, තරගකාරී අත්දැකීම් ලබා ගැනීමටත් මෙය අවස්ථාවක් වේ.
වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සම්මේලනයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ සේවා ක්ෂේත්රය තුළ මලල ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ ආයතනික අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය වේදිකාව සැලසීමයි.
ඒ අනුව තරගාවලිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සුහදතාව සහ සබඳතා වර්ධනය කිරීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ networking අවස්ථා ඇති කිරීම කෙරෙහිද අවධානය යොමු කර තිබේ.
විවිධ ආයතනවල ක්‍රීඩා දක්ෂතා ඇති සේවකයන් හඳුනාගෙන ඔවුන්ට පුහුණුව, ක්‍රීඩා පහසුකම් සහ අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම මගින් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට දායක වීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි.
තරගාවලියේ ප්‍රධාන තොරතුරු
ඉසව්ව: 2026 වෙළෙඳ සේවා වාර්ෂික මලල ක්‍රීඩා ශූරතාවලිය
දිනය: 2026 අගෝස්තු 21, 22 සහ 23
ස්ථානය: දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
සහභාගී වන සමාගම්: 46
සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්: 1,824
මලල ක්‍රීඩා ඉසව්: 333
තරගාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කර ඇති අතර, ආයතනික ක්ෂේත්රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය උද්යෝගිමත් තරගකාරීත්වයකින් පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වැඩි විස්තර සඳහා:
විද්‍යුත් තැපෑල: mafsrilanka@mercantileathletics.com / mgunarat@gmail.com
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
