ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග හැටන් දුම්රිය ස්ථානය අසළදී ඊයේ (17) පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 26 හැවිරිදි, කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ඔහු කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙන් තවත් පිරිසක් සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.්
