නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සහයෝගයෙන් 2026 අගෝස්තු 8 සිට 13 දක්වා ඉන්දියාවේ විශේෂ ව්‍යාපාරික සංචාරයක් සංවිධානය කර ඇත.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඉන්දියානු වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම සහ ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමයි.
මෙම දූත පිරිසට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සභාපති ඇතුළු නිලධාරීන් සහ Mansoor Gems, Punsiri Gems, Gem Paradise, Beauty Gems, Gemluxe Ceylon , Ashadi Jewellers, GemTrad , Ceylon Gemora, සහ Cey Gems වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක නියෝජිතයෝ මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සංගම් වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (Sri Lanka Gem & Jewellery Association), ලංකා මැණික් වෙළඳුන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය (Lanka Gem Dealers & Miners Association) සහ සීලෝන් මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමය (Ceylon Gem & Jewellery Traders Association) නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ඇතුළත් වූහ.
මෙම සංගම් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් ප්‍රදර්ශන වන FACETS 2027, Gem Sri Lanka සහ Gem City Rathnapura ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කරන ලදී.
