නිමල් රාජපක්ෂ-
මෙවර පැවැත්වෙන ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු තරගාවලිය – 2026 සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට පීපල්ස් බැංකුව කටයුතු කර තිබේ. පාසල් පැසිපන්දු තරගාවලිය 2026( Sri Lanka Schools Bashetball Tournaments) දිරිගැන්වීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රයේ දියුණුව සඳහා දායකත්වය ලබාදීමේ අරමුණින් මෙම අනුග්‍රාහකත්වය ලබාදී ඇත.
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා පීපල්ස් බැංකුව සහ ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම පසුගියදා සිදුවිය. එම අවස්ථාව කොළඹ 02, ‘පීපල්ස් ටවර්’ (People’s Tower) ගොඩනැගිල්ලේදී පැවැත්විණි.
2026 වසරේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 20න් පහළ යන වයස් කාණ්ඩ යටතේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතය. මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීම මෙන්ම පාසල් මට්ටමේ පැසිපන්දු ක්‍රීඩාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ.
මෙම තරගාවලිය සඳහා පීපල්ස් බැංකුවේ අනුග්‍රාහකත්වය ලබාදීම තුළින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් හා සහාය ලබාදීමට හැකි වන අතර, ක්‍රීඩා ක්ෂේත්රයේ දක්ෂතා දක්වන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් දිරිගැන්වීමද අරමුණු කර ඇත.
දින දහයක පමණ කාලයක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා පාසල් රැසක් සහභාගී වන අතර, පීපල්ස් බැංකුවේ අනුග්‍රාහකත්වය යටතේ එය සාර්ථකව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙය වැදගත් අවස්ථාවක් වනු ඇත.
. පීපල්ස් බැංකුව වසර ගණනාවක් පුරා පාසල් සිසුන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සඳහා සහාය ලබාදෙමින් සිටින අතර, මෙවර පැසිපන්දු තරගාවලිය සඳහා ලබාදෙන අනුග්රාහකත්වයද එහි තවත් පියවරක් ලෙස සැලකේ.
මේ අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විෂය සම්බන්ධ හා ප්‍රාදේශීය අධ්‍යාපන සංවර්ධන) පී.ආර්. කාරියවසම් මහත්මිය,මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී කේ .ක්ලපඩ් ෆොන්සේකා මහතා ඇතුළු පීපල්ස් බැංකුවේ සහ ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ නිලධාරීන් සහභාගී වූහ.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
