වසර 20150 පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ වාහන 797 න් වාහන 309ක් භාර දී නැති බවට චෝදනා ගොනු කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් තිදෙනකුට එරෙහිව පනවා ඇති නඩුව අවසන් කරන බවත් එම නඩුවෙන් සැකකරු වන් තිදෙනා නිදහස් කරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.
ඔවුන් එම නඩුවෙන් මුදා හරින ලෙස නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය.
නිදහස් කළ තිදෙනාගේ විදේශ ගමන් තහනම් ඉවත් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසට ද මහේස්ත්‍රාත්වර්ය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයට නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති පළමු සැකකරු මියගොස් ඇති බව මහේස්ත්‍රාත්වරිය හමුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතය භාරව කටයුතු කළ කීර්ති අමරසිංහ දිසානායක, මොහොමඩ් ස්මසිල් අහමඩ් කබීර්, සජින් ද වාස් ගුණවර්ධන, සුදුත් අබේසිංහ යන අයවළුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
මෙම සිද්ධියට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ අධි ආරක්ෂිත බෙන්ස් කාර් රථය, ලියාපදිංචි නොකළ රෙස්ටන් පීප් රථය, කැබී රථය, ලෑන්ඩ් කසෙර් පිජ් රථය ඇතුළු වාහන 20ක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සපින් ද වාස් ගුණවර්ධන මහතා භාරයේ තිබූ බව විමර්ශන අනාවරණය කර තිබිණි
2015 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රවාහන නිලධාරියා පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කර ඇත.