Spread the love

මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක වන බැවින් අදාල කාලසීමාව තුළ කිසිදු ආකාරයක පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදු නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මේ කාලසීමාව තුළ සම්පූර්ණයෙන්ම පොලීසිය සීරුවෙන් තබා තිබෙන බවත් , දිවයින පුරාම ජංගම සංචාරවල යෙදීමෙන් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙමින් කටයුතු කරන බවත් , බුද්ධි නිලධාරීන් රාජකාරී කටයුතුවල යෙදී සිටින බවත් පැවසුවේය.

මැතිවරණ කාල සීමාව තුළ කිසිම ප්‍රදේශයකින් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වුණේ නොවු බවත් , මේ වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 581 අත්අඩංගවට ගෙන ඇති බවත් ඒ අතර අපේක්ෂකයන් 18 දෙනෙක් සිටින බවත් පැවසුවේය.