Spread the love

නිමල් රාජපක්ෂ

මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් 92 % ක්ම අප රට තුළම නිපදවන බවත්, ඒ සඳහා කිසිදු බද්දක් අය නොකරන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාරය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයනික ඉතිරි 8 % ක ප්‍රමාණය නිෂ්පාදිත ද්‍රව්‍ය ලෙස එක් සමාගමක් මෙරටට ගෙන එන අතර, එ් සඳහා අය කරන්නේද 22.5 % ක බදු මුදලක් පමණක් බවයි.
ඊයේ සවස තල්දූව ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් 92 % ක්ම , සමාගම් තුනක් විසින් මෙරටදී නිෂ්පානය කරන අතර ඔවුන්ගෙන් කිසිදු බදු මුදලක් අය නොකරන බවයි.
මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් ඉතිරි 8 % ක ප්‍රමාණය නිෂ්පාදිත ද්‍රව්‍ය ලෙස එක් සමාගමක් විසින් මෙරටට ගෙන්වන අතර, එම ප්‍රමාණය සඳහා වරාය සහ ගුවන් තොටුපල බද්ද , සමාජ ආරක්ෂණ බද්ද හා සෙස් බද්ද යන සියළු බදු එකතු වූ පසුද අය කරන්නේ 22.5 % ක බද්දක් පමණක් බවයි.
එම බදු ප්‍රමාණය අය කරන්නේද දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් පමණක් බව සඳහන් කළ අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂය යනු වැදගත්ම කණ්ඩායම, නොඑසේනම් වැදගත්ම සාධකය බව සඳහන් කළ අමාත්‍යවරයා මෙරට විපක්ෂය හැසිරෙන ආකාරය ගැන , ඔවුන් සඳහන් කරන දේවල් ගැන ජනමාධ්‍ය මෙන්ම සමාජය විසින්ද විශ්ලේෂණය කළ යුතු බවද පැවසුවේය.