මාලන් විතාන –
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන් අතර “සුවපහසු නිවසක් – සවිබලැති පවුලක්” තේමාව යටතේ ක්‍රියාත්මක “රන් විමන” නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන ලද නිවාස 150ක් ප්‍රතිලාභී පවුල් වෙත ප්රදානය කිරීම අද (27) දිනයේ දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදු කෙරිණි.
ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව අස්වැසුම ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟිනි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දී ඇති සවිබලගැන්වීමේ වැඩසටහන් වේගවත් කිරීම හා සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා කාලය “සවිබල මාසය” ලෙස නම් කර ඇති අතර, එම කාලය තුළ “රන් විමන” නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන නිවාස 500ක් ප්‍රතිලාභීන් වෙත ප්රදානය කිරීමට ද සැලසුම් කර ඇත.
තවද, 2025–2026 ප්‍රතිපාදන අනුව රුපියල් මිලියන 1,020ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ නිවාස 1,020ක් ඉදිකිරීමට එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
ඊට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරාකනත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස දෙකක් ප්‍රතිලාභීන් වෙත ප්රදානය කිරීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, මෙම වැඩසටහනේ අරමුණ හුදෙක් භෞතික නිවසක් ඉදිකිරීම පමණක් නොව, කරුණාව, සෙනෙහස සහ සාමූහිකත්වයෙන් පිරි “ගෙදරක්” නිර්මාණය කිරීම බවයි.
එමඟින් සහකම්පනයෙන් යුතු මිනිසුන් සිටින “සුපිළිපන්න සමාජයක්” බිහිකිරීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය උසස් කර, ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කර සවිබලගැන්වූ සමාජයක් බවට පරිවර්තනය කිරීම වර්තමාන රජයේ මූලික අරමුණ බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල රන්වල මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා, ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය, බියගම ප්‍රාදේශීය ලේකම්තුමන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි
