නිමල් රාජපක්ෂ-
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශයේ ප්‍රධානී රොෂ්නි තොම්සන් (Ms. Roshni Thomson) මහත්මිය ඇතුළු ඉන්දීය නියෝජිත පිරිසක් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී වතු ප්‍රජාවේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත ස්මාර්ට් පන්ති කාමර 60ක ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව විශේෂ අවධානය යොමු විය. එම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාගත යුතු අනුමැතිය සතියක් හෝ දින දහයක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශයේ ප්‍රධානී රොෂ්නි තොම්සන් සඳහන් කළාය.
“ස්මාර්ට් පන්ති කාමර 60ක මෙම ව්‍යාපෘතිය මේ වසරේ අවසාන අදියරට පැමිණ තිබෙනවා. ඒ නිසා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාගෙන, මෙම වසර අවසන් වීමට පෙර පාසල් දරුවන්ට එහි ප්රතිලාභ ලබාදීමට හැකි වන පරිදි කටයුතු කිරීම ඉතා වැදගත්” යනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.
