22 වෙනි වරටත් පැවැත්විමට සංවිධානය කර ඇති නුවරඑලිය වසන්ත උදානයේ සමාරම්භක උත්සවය (01) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
සෑම වසරකම පවත්වනු ලබන නුවරඑලිය සැලළිහිණි වසන්තය මෙවර ස්පින් ෆස්ට් 2024 යනුවෙන් නම් කර ඇත.
වසන්ත උදානය සමාරම්භය නිල වශයෙන් ආරම්භ කිරිම නුවරඑළියේ මහ නගර සභාවේ වැඩ බලන නාගරික කොමසාරිස් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) සුජීවා බෝධිමාන්න මහත්මිය විසින් සිදු කරනු ලැබුහ.
නුවරඑළිය පොලිස් රථ වාහන අංශය සහ අශ්වා රෝහක අංශයේ නිල අශ්වයන් පෙරටු කොට ගනිමින් ආරම්භ කෙරුණ වසන්ත උදාන සමාරම්භක පෙළපාළිය සඳහා උඩරට වෙස් නර්තන කණ්ඩායම් , උඩරට පහතරට තූර්ය වාදක කණ්ඩායම් , ආරක්ෂක අංශ තූර්ය වාදක සංදර්ශන , බයිසිකල් සංදර්ශන,විසිතුරු මල් සංදර්ශන ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත විය.
මෙහි විශේෂතම අංගය වශයෙන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ තූර්ය වාදක කණ්ඩායම දක්නට ලැබුණි.
මෙම වැඩසටහන සඳහා මධ්‍යම පලාත් ලේකම් අජිත් ප්‍රේමසිංහ , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා , නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක , නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා , යුද ගුවන් හා නාවික හමුදා නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් , හිටපු නගරාධිපතිවරුන්ට මහින්ද දොඩම්පේගමගේ මහතා චන්දනලාල් කරුණාරත්න මහතා , හිටපු නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි විය.
