Spread the love

ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගය සමඟ එක්සත් ජාතික පක්ෂය එක් වනවා මිස, සමගි ජන බලවේගය ගොස් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට අවශ්‍යතාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 45 ක් ගෙන ඇති බවයි අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව ඔවුන් අපි ළඟට පැමිණෙනවා මිස, අපි ඔවුන් ළඟට යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.