හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය ගිනිගත්හේන අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පනස් දෙනකුට වෙස් තැබීමේ මංගල්‍යය උත්සවයක් “සලඹ නූ පා” නමින් එම විද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
හැටන් අධ්‍යාපන කලාපයේ එකවර සිසුන් පනස් දෙනෙකු සඳහා හිස වෙස් තැබීමේ මංගල්‍යයක් පැවති ප්‍රථම අවස්ථාව මෙයයි.
සිසුන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම් නිර්මාණාත්මකව සිදුකිරීමට අත්වැලක් ලබාදීම සඳහා මෙය පැවැත් වූ බව එම විද්‍යාලයේ නර්තන ආචාරණී තරංගා රුචිරාණි මහත්මිය පැවසීය.