Spread the love

අද දින සීගිරි ගල නැරඹීම සඳහා සීගිරි ගලේ ගිය විදෙස් කාන්තාවක් නැවත පැමිණෙමින් සිටියේදී ගළපාමුල ජල උද්‍යානය අසලදී අසනීප වී සීගිරිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ සීගිරිය ඉනාමලුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැන සිටියේ චෙක් (CZECH ) ජනරජයේ කාන්තාවකි.

සිගිරි ගල නරබා ආපසු පැමිණිමින් සිටියදි හෘදයාබාදයකට ලක්ව ඇති අතර සිගිගිරිය කිඹිස්ස රොහලට ඇතුල්කිරිමෙන් පසු මිය ගොස් ඇති බවත් දේහය සිගිරිය රොහලේ තැන්පත්කර ඇත.

සිද්දිය පිලිබදව සිගිරි සංචාරක පොලිසිය හා සිගිරි පොලිසිය පරික්ෂණ පවත්වයි.

සිගිරිය ගල නරබන්න යන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් කඩිනම් සෞඛ්‍ය සෙවා කඩිනමින් සපයන්න නිසි ක්‍රමයක් නොමැති අතර බොහෝ විට අසනිප වන දෙස් වදෙස් සංචාරකයෝ චෛද්‍ය ප්‍රථිකාර නෙලබාම සුවවෙති. නැතිනම් මියයති

සිගිරි ගල පරිශ්‍රයේ වෙසක් පොසොන් හා සංචාරකයික් බහුල කාලවල හා බබර ප්‍රහාර ඇතිවන කාල වලදි රතුකුරුස සංවිධානයේ සහන සේවකයෝ සිටියද මෙම දිනවල ඔවුන්ද එහි නැත.

මධ්‍ය සංස්කෘතික අරමුදල හා නව රජයේ අවධානය යොමුවිය යුතුය යන්න සංචාරක මඟපෙන්වන්නෝ පවසති.