නිමල් රාජපක්ෂ
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සංජීව කුමාර නොහොත් ගල්සම්පත් හෙරොයින් ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 800 ක් සමගින් පසුගියදා(30) මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට යාමේදී ප්‍රදේශවාසීන් සියයක් පමන පිරිිසක් විරෝධය පෑමත් සමගින් දැඩි ප්‍රයන්තයක් යොදා ගෙන සැකකරු තම රථයට නැංවා ගැනීමේදි සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියකුගේ මුහුණ සපා කෑමෙන් පසු අදාල නිලධාරීයා කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මැහුණට මැහුම් හතරක් දැමු බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ පරීක්ෂක නලින් රණවීර මහතා පවසයි.
අදාල සැකකරු වසර 12ක සිරදඩුවමක් ලැබ ඇපමත සිටින අයකු බවත් අදාල නිලධාරියා වැඩි දුරටත් පැවසුවේය.
රාජකාරිය බාධා කිරිම සම්බන්ධයේ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මට්ටක්කුලිය පොලීසියේ පැමිණිල්ලක් දමා ඇතැයිද පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරු ජනවාරි මස 31 වැනිදින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා සැකකරුව මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
වීඩියෝව නරඹන්න
සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගේ උපදෙස් මත, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරී කේ.පී.එස් පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් ,මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති සමන්ත ජානක මහතාගේ අධීක්ෂණය යටතේ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ පරීක්ෂක නලින් රණවීර, සැරයන් රුවන් සොයිසා, කෝප්‍රල්වරුන්වන තුසිත කුමාර, ප්‍රභාත් ප්‍රනාන්දු , සුජිත් දික්වැල්ල , අනිල් කුමර,ඩෙන්සිල් ප්‍රනාන්දු , ලලන්ත , නියාමකවරුන්වන ගයාන් , ඉරේෂ් , පුබුදුව, ළහිරු , කාන්තා නියාමිකා මදුෂානි රියදුරු ජයත් යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.