නිමල් රාජපක්ෂ –
මැතිවරණ දිනයේ දුම්රිය රියදුරු නියාමකවරු සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මේ වනවිට දුම්රිය ගමන්වාර 33 ක් අවලංගු වී ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරන්ගේ සංගමය පවසයි.
අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන් වාර 10 ක් අවලංගු වූයේ රියදුරු හා රියදුරු සහයක වරුන් සේවය සඳහා වාර්තා නොකිරීම නිසාවෙනි.
මේ වන විට තවත් රියදුරු හා රියදුරු සහයකයන් නොමැතිවීම මත අද දිනය තුළ තවත් දුම්රිය ගමන් වාර 23ක් අවලංගු කිරිමට සිදුව ඇත.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 13 ක් ද , මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 8 ක් ද පුත්තලම් මාර්ගයේ 06 ක් හා කැලණිවැලි මාර්ගයේ 06 ක් ලෙසින් දැනට අද දින තුළ දුම්රිය ගමන් වාර 33 ක් අවලංගු වේ .