නිමල් රාජපක්ෂ-.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (Sri Lanka Medical Association – SLMA) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ ‘SLMA Health and Wellness Walk 2026’ සෞඛ්‍ය හා සුවතා පාගමන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි.
‘Wellness of the Nation Through Local and Global Partnerships’ (දේශීය හා ගෝලීය හවුල්කාරිත්වය තුළින් ජාතියේ සුවතාව) යන 2026 වසරේ තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රෝගී තත්ත්වයකට පත්වීමෙන් පසුව ප්‍රතිකාර ලබාගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු නොකර, රෝග ඇතිවීමට පෙර සිටම සුවතාව ගොඩනඟා ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි.
ඒ අනුව, අද පෙරවරු 7.30ට නිදහස් චතුරස්රයෙන් ආරම්භ වූ පාගමන සඳහා සියලු වයස් කාණ්ඩවල ජනතාවට සහභාගි වීමට අවස්ථාව සලසා තිබූ අතර, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනඟා ගැනීම සඳහා පවුලේ සියලුදෙනාගේ සහභාගිත්වය හා ක්‍රියාකාරී දායකත්වය දිරිගැන්වීම ද මෙහි අරමුණක් විය.
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් ආරම්භ වූ පාගමන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ආසන්නයෙන් ගමන් කර, මේට්ලන්ඩ් පෙදෙස ඔස්සේ නෙළුම් පොකුණ රඟහල අසලින් නැවත නිදහස් චතුරස්‍රය වෙත පැමිණීමෙන් අවසන් විය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒකාබද්ධ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඔස්සේ සමස්ත ජාතියේ සුවතාව පිළිබඳ වැදගත් පණිවිඩයක් සමාජගත කිරීමට අපේක්ෂා කරන බවයි.
වර්තමානයේ බෝ නොවන රෝග විශාල අභියෝගයක් බවට පත්ව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එය සමාජය මුහුණ දෙන බරපතළ ගැටලුවක් බවත්, සුවතාව ජීවිතයේ සෑම අවධියකදීම ඉතා වැදගත් වන බවත් අවධාරණය කළේය.
එබැවින් සුවතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් තනි තනිව මෙන්ම ඒකාබද්ධව ද මනා සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා, දීර්ඝායුෂ ඉහළ නැංවීමටත්, නීරෝගීව ජීවත්වීමටත් සුවතාව අතිශය වැදගත් වන බව සඳහන් කළේය.
සමබර ආහාර වේලක් ලබාගැනීම, දිනපතා ශාරීරික ව්‍යායාමවල නිරත වීම සහ යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම ඇතුළු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සමබර ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම හා පණිවිඩය මෙම පාගමන සහ ඊට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් ඔස්සේ ජනතාව වෙත ලබාදීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරි වසර තුන සඳහා ඉතා යෝග්‍ය වැඩසටහනක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් සකස් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, එය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට අමතරව රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ කැමැත්තෙන් යුත් සහභාගිත්වය ලබාගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
මිලියන 22ක් වන මෙරට සමස්ත ජනතාව වෙත සුවතාව පිළිබඳ පණිවිඩය ගෙන යමින්, ඔවුන්ගේ ජීවිත වඩාත් සෞඛ්‍ය සම්පන්න කිරීම සඳහා මෙම වැඩසටහන ඉතා වැදගත් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාගමනට සමගාමීව අද පෙරවරු 9.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා ජනතාව දැනුවත් කිරීමේ විශේෂ සෞඛ්‍ය අධ්‍යාපන සැසිවාර හතරක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
ඒ
