හදිසියේ විදෙස්ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින්නේ නම් ඒ සඳහා එම සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන පැමිණිය යුතු බවත් ඒ සදහා කටයුතු කිරීමට ස්වාධීන කමිටුවක් ස්ථාපිත කර ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවාය.
නිලුෂා බාලසුරිය මහත්මිය එසේ පැවසුවේ අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ය.
ඇත්තෙන්ම හදිසි අයෙකුට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවට තිබුණාත් මේ ක්‍රමවේදය හරහා ගිහින් දිනයක් ලබා ගැනීම සිදුකළ යුතුයි. ඒ දිනය ලබා ගන්නකොට තමයි එයාට තහවුරු කරන්න පුළුවන් වෙන්නේ මම දිනයක් ලබා ගත්තා නමුත් ඊට කළින් මට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවට තියෙනවා කියලා. එහිදී ඔහුට දැඩි අවශ්‍යතාවට සනාථ කරන්න පුළුවන් ලියකිවිලිත් අරගෙන අපේ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිය ලිපිලේඛන ඉදිරිපත් කලවිට එම කටයුත්ත නිත්‍යානුකුලව කර දෙන්න හැකි බවද පැවසුවාය.
මේ අතර විදෙස්ගමන් බලපත්‍ර 50,000ක තොගයක් ඔවුන් වෙත ලැබූණු බවත් ඉන් 33,000ක පමණ ප්‍රමාණයක් මේ වනවිට ඉතිරිවී ඇති බවත් වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරිය සඳහන් කළාය.
එමෙන්ම ඇය සඳහන් කළේ, ප්‍රධාන කාර්යාලයෙන් හා දිවයිනේ ඇති ප්‍රාදේශීය කාර්යාලවලින් දිනකට එක්දින සේවාව ඔස්සේ විදෙස්ගමන් බලපත්‍ර 1200ක ප්‍රමාණයක් නිකුත්කළ හැකි බව පැවසුවාය.