Spread the love


නිමල් රාජපක්ෂ-

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මහල් 08 කින් යුක්ත මිලේනියම් වාට්ටු සංකීර්ණයේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය හා රසායනාගාර ඒකකය ඇතුලු රෝගී ප්‍රතිකාර ඒකක කිහිපයක් ජනතා අයිතියට පත් කිරිම ඊයේ (05) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සහභාගීත්ව‌යෙන් සිදු කෙරිනි. 

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයකට අනුව රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමඟ පවත්වාගෙනයෑම මූලික අරමුණ කරගෙන රෝහල්වල පවතින අඩුපාඩු සොයා බලා කඩිනම් විසඳුම් ලබාදෙමින් ගුණාත්මක හා විධිමත් සුව සත්කාර සේවාවක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙළට දියත් කෙරේ.
මීට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා  ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් කඩිනමින් රෝගී ප්‍රතිකාර සේවා සදහා එක් කිරිමට අවස්ථාව ලැබී ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය තුල පිහිටා ඇති ප්‍රධානතම රෝහලක් වන කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට දිනපතා රෝගීන් සහ මහජනතාව  වැඩි වශයෙන් පැමිණෙන බවත්, ඉහත ඒකක ප්‍රතිකාර සේවා සදහා එක් කිරීමත් සමග රෝහල මගින් ලබාදෙන සෞඛ්‍ය සේවාවන් තවත් ශක්තිමත් වන බවයි.