Spread the love


නිමල් රාජපක්ෂ-

මහනුවර හන්තාන ජාත්‍යන්තර කුරුළු උද්‍යානය සහ විනෝදාස්වාද මධ්‍යස්ථානයේ දෙවැනි අදියරය ජනතාව වෙත විවෘත කිරිම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 02දා සිදු විය.

අක්කර 27ක භූමි ප්‍රමාණයක පැතිර පවත්නා මෙම විදෙස් පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය මේ වන විට ජනතාව වෙත විවෘතව ඇති අතර දෙවැනි අදිරයේ යටතේ එල්ඊඩි පැනල් වේදිකාව,ඒටිවි බයික් අංගණය,අශ්ව ධාවන පථය,ජුරාසික්වර්ල්ඩ් අංගණය,මත්ස්‍ය මැදුර,දුනු විදිමේ අංගණය ඇතුලු අංග රැසකින් සමන්විත බව
විදෙස් පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපයේ සභාපති නිශාන්ත කෝට්ටේගොඩ මහතා කීය.

වසර 40ක පමණ කාලයක් විදෙස් පක්ෂීන් සම්බන්ධව කරන ලද අධ්‍යයනයකින් අනතුරුව මෙම උද්‍යානය හන්තානේ ස්ථාපිත කර තිබේ. විදේශීය පක්ෂීන් රැසක් මෙරටදී අභිජනනය කිරීමට හැකි වීම ද මෙහි ඇති විශේෂත්වයක් බව කෝට්ටගේ මහතා ප්‍රකාශ කළේය. මෙම විදෙස් කුරුලු උද්‍යානය හා පාරිසරික සංචාරක කලාපය සත්ත්ව විද්‍යා සිසුන් සඳහා අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක්, පක්ෂි අනාථාගාරයක් හා පක්ෂි උපස්ථාන හා නිරෝධායන ඒකකයකින්ද සමන්විතය.
මෙම අවස්ථාවට මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකොන්,මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ