නිමල් රාජපක්ෂ –
හම්බේගමුව රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාන ගංජා හේනක් වටලා සැකකරුවන් 3 කු මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ(08) අත්අඩංගුවට ගෙන ඇත.
සුරාබදු නිලධාරින් ගංජා හේන වටලන අවස්ථාව වනවිට ගංජා පැල අඩි පහක් හයක් පමණ උසට සරුවට වැවි තිබුණ බවත් එහි තිබු ගංජා ගස් 15 000 ක් පමණ සුරාබදු නිලධාරින් කපා ගිනි තබා විනාස කර තිබේ.
තව දින කිහිපයක් පසු වුයේනම් ගංජා ගස් කපා අලෙවි කිරීමට නියමිත බවද සුරාබදු නිලධාරීන් ඉදිරියේ සැකකරුවන් පාපොච්ජාරණය කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (09)වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, මහනුවර සුරාබදු අධිකාරී ජානක පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ටයිටස් විජේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක චන්දන, සුරාබදු සැරයන් 869 පාලිත ගුණරත්න , සුරාබදු කෝප්‍රල්වරුන් වන 776 ශෙල්ටන්, 1139 නවරත්න, 1053 සංක, සහ සුරාබදු රියැදුරු බුද්ධික යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
