Spread the love

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මාර්තු 23, 24 සහ 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලයට හෝ පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් හෙට (30) එක්දින සේවය මඟින් හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම 2026 මාර්තු 31 වැනි අඟහරුවාදා දින සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සහ පළාත් කාර්යාලවල සුපුරුදු පරිදි එක්දින සේවය ක්‍රියාත්මක වන බව ද එම දෙපාර්තමේන්තුව දන්වා සිටි.

ප්‍රධාන කාර්යාලයේ සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවය සහ පෙරටු කාර්යාල සේවා 2026 අප්‍රේල් 06 වැනි සඳුදා දින සිට ආරම්භ වීමට නියමිතයි. පද්ධතිය සම්පූර්ණයෙන්ම යථාවත් වූ පසු සියලු සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.