Spread the love

හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. දයාරත්න මහතා මියයන විට 89වන වියේ පසුවිය.

1977 වසරේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි දයාරත්න මහතා, එම දිස්ත්‍රික්ය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටුකළ දේශපාලඥයෙකු ලෙස සැලකෙයි.

ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස. ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් යටතේ ඒ මහතා විවිධ අමාත්‍ය ධුර හොබවා ඇත.