හිටපු ජනාධිපතිවරුවන්ට ලබා දෙන වරප්‍රසාද නැති කිරිමට රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය රජය විසින් ගත් හොද ක්‍රියාමාර්ගයක් බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක, කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. වී.රාධා ක්‍රිෂ්ණන් මහතා (සජබ) පැවසීය.
රාධා ක්‍රිෂ්ණන් මහතාගේ 73 වන ජන්ම දිනය (01) දිනට යෙදි තිබීම නිමිත්තෙන් කදුරට ජනතා පෙරමුණේ ප්‍රධාන කාර්යාලය (01) දින හැටන් ඩන්බාර් මාර්ගයේ විවෘත කිරිමෙන් අනතුරුව එම කාර්යාලයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් රාධා ක්‍රිෂ්ණන් මහතා ඒ බැව් පැවසීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා කියා සිටියේ “හිටපු ජනාධිපතිවරයන්ට ආරක්ෂාව ලබා දෙන්න ඕන. ඒත් රටේ ජනතාවගේ බදු මුදල් වලින් විශාල වරප්‍රසාද ලැබෙනවා. ඒවා නැති කරනවාට මම කැමතියි.
ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අපේ රටට 44% ක තීරු බද්දක් පනවලා තිබුණා. එම බද්ද පිලිබදව ඇමරිකාව සමග සාකච්ඡා කරලා 20% දක්වා අඩු කර ගැනිමට රජය කටයුතු කරලා තියනවා. ඒක හොද දෙයක්. අපි ඒ ගැන රජයට ප්‍රශංසා කරනවා. බද්ද අඩු කිරිම නිසා අපේ රටේ අපනයනයට ගොඩක් හොදයි.
දේශපාලනයෙන් සමු ගන්න වයසක් නෑ. කදුකරයේ ජනතාව මාව ප්‍රතික්ෂේප කරනවා නම් මම දේශපාලනයෙන් සමු ගන්න ලෑස්තියි. තාම වතුකරයේ ජනතාව මට එහෙම දෙයක් කියලා නෑ.
රටේ ආරක්ෂාව පිලිබදව සෑහිමකට පත් වෙන්න බෑ. හැමතැනම වෙඩි තැබීම් සිදු වෙනවා. මිනිස්සු මැරෙනවා. ඒක නතර කරන්න රජය වහාම කටයුතු කල යුතුයි. පළාත් සභා මැතිවරණය පැවැතිවීමට නියමිතයි. එම මැතිවරණය පැරණි (මනාප) ඡන්ද ක්‍රමයට පැවැත්විය යුතුයි.
පළාත් පාලන මැතිවරණය බහුතර පළාත් පාලන ආයතන ජාතික ජන බලවේගයට හිමි වෙලා තියනවා. දැනට එම පළාත් පාලන ආයතනවල සිදු කරන්නේ ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන පමණයි. අපි විශ්වාස කරනවා ඉදිරියේදි එම පළාත් පාලන ආයතනවල බල ප්‍රදේශය තුල ජීවත්වන ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට කටයුතු කරයි කියලා.
රාධා ක්‍රිෂ්ණන් මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සහ කදුරට ජනතා පෙරමුණේ නව කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එම පක්ෂයේ නිළධාරින් ඇතුලු පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
