හුංගම පොලිස් වසමේ පිට්ටනියාය, පිංගම ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර සැකකරු හුංගම පොලිස්ථානයට පැමිණ භාර වී ඇති අතර එම සිදුවීම සම්බන්ධයෙන් හුංගම පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 32 ක් වූ පිට්ටනියාය, පිංගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු වෙඩි තැබීමෙන් අනතුරුව ගිනි අවියද සමඟ පොලිස් ස්ථානයට පැමිණ භාර වී ඇති අතර මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුකර ඇති බවට හා ඝාතනය සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන පිංගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් අරක්ෂාව යටතේ ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
