හෙට (12) දිනය පෝය දිනයක් බැවින් විදුලි කප්පාදුවකින් තොරව දිවයින පුරා විදුලිය සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසයි.
සමාන්‍ය රාජකාරි දිනයකට තිබෙන ඉල්ලුමට වඩා අඩු විදුලි ඉල්ලුමක් පෝය දිනයකදී පවතින බැවින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේය.
සාමාන්‍ය රාජකාරි දිනයකදී විදුලි ඉල්ලුම මේගා වොට් 2,600ක් පමණ වන බව සදහන්ය.
නමුත් නොරෝච්චෝල බලාගාරය අක්‍රියවීමත් සමඟ මේ වන විට තාප බලාගාර සහ අනෙකුත් බලාගාර වලින් උත්පාදනය වන්නේ මෙගා වොට් 2,300ක් පමණි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ සිකුරාදා දිනයට ප්‍රථමයෙන් නොරොච්චෝල බලාගාරයේ අලුත් වැඩියා කටයුතු සිදුකර අවශ්‍ය මෙගා වොට් 300, ජාතික පද්ධතියට එකතු කිරීමට සියළු සේවකයින් දිවා රාත්‍රී රාජකාරි කටයුතු සිදුකරන බවය.