මහ මැතිවරණය හා පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් හෙට (14) සහ අනිද්දා (15) වසා තබන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් නිශාන්ත ජයවීර මහතා පවසයි.
සුරාසැල් වසා තැබීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුළු නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසල්වලට තරා තිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේ.