නිමල් රාජපක්ෂ–
වැලිවේරිය හේනේගම ප්‍රදේශයේ නිවසක සගවා තිබු රුපියල්තිස් ලක්ෂයක් වටිනා තෙන්ඩු කොල තොගයක් ගම්පහ සුරාබදු නිලධාරීන් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.
අදාල තෙන්ඩු කොල තොගය එම ප්‍රදේශයේම බලපත්‍ර ලත් බීඩි නිෂ්පාදකයකු හොරට ගෙන්වා ඇති අතර බීඩි නිෂ්පාදනය සදහා අදාල තෙන්ඩු කොල ගබඩා කලයුතු ස්ථානයේ තබන් නැතිව පොත්පත්වල සටහන් නොකොට නිවසක සගවා තිබියදී මෙසේ කොටු කර ගත් බව ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ මහතා පවසයි.
නිවසේ තිබී සොයා ගත් තෙන්ඩු කොල තොගයේ තෙන්ඩු කොල කිලෝ 378 තිබු අතර මේ තුළින් බීඩි නවලක්ෂ දහදාහක් පමණ නිෂ්පාදනය කල හැකි බවට සුරාබදු නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.
අදාල බලපත්‍ර ලාභියා මෙසේ හොරට තෙන්ඩු කොල ගෙන්වීම හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ විස්සකට වැඩි බදු ආදායමක් අහිමි වි ඇතැයිද ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ මහතා පැවසුවේය.
තෙන්ඩු කොල ගෙන්වු බීඩි නිෂ්පාදකයා සුරාබදු කොමාසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු පෙරවැරදි සලකා බලා බලපත්‍ර ලාභියාට රුපියල් ලක්ෂ පහක සමථ ගාස්තුවක් ගෙවන ලෙස නියම කොට ඇත.තොන්ඩු කොල තොගය රාජසන්තක කිරීමට නියම කලේය.
බස්නාහිර පලාත 111 සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත , ගම්පහ සුරාබදු අධිකාරි ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය යටතේ , ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න