Spread the love

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ තොයක් සමගින් පුද්ගලයින් දෙදෙනකු අද (26) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළෙ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන් දෙදෙනා සහ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ භාණ්ඩ සිය භාරයට ගෙන තිබුණි.

ගෙන ආ භාණ්ඩ අතර විදේශීය මත් පැන්, විවිධ වර්ගයේ දුම්වැටි, ක්‍රීම් වර්ග, වාහන අමතර කොටස් සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන කතුරු තිබූ බව සඳහන් ය.