නිමල් රාජපක්ෂ–
මාතර පොල්හේන ප්‍රදේශයේ අවන්හලක Dj.. facebook සාදයක් පවත්වා බලපත්‍ර කොන්දේසි කඩ කරමින් විදේශීය මත්පැන් අලෙවි කිිරීමේදි රුපියල් ලක්ෂ හැත්තෑපහක් පමණ වටිනා විදේශිය මත්පැන් තොගයක් පෙරේදා (02)කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සිද්ධිය සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බි .එන්.ඒ පේමරත්න මහතා දැන්වු විට ඒ මොහොතේම එම අවන්හල සීල් තැබීමට නියෝග කොට තිබේ.
අදාල බලපත්‍ර ලාභීයා විදේශීය සංචාරකයින් සදහා සේවා පැවයීම සදහා අවන්හලක් පවත්වාගෙන යන බවත් සේවා සැපයීම සදහා බියර් අලෙවි කිරිම සදහා බලපත්‍රයක් ලබාගෙන ඇත. නමුත් අදාල අවන්හලෙහි පැවැති මෙම Dj.. facebook සාදය සදහා බලපත්‍ර කොන්දේසි කඩ කරමින් විදේශීය මත්පැන් රැගෙනවිත් රුපියල් 5000 දහස හා 6000 යන ඉහළ මිල ගණන් වලට අලෙවි කරමින් සිටියදී කොටු කර ගැනිමට සුරාබදු නිලධාරින් සමත්වී ඇත.

අවන්හලෙහි තිබී විස්කි , බැන්ඩි . ජින් යන වර්ගයේ මත්පැන් විදේශීය මත්පැන් බෝතල් 255 කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
අදාල බලපත්‍ර ලාභීයා ඉදිරියේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරි පත් කොට සමථ ගාස්තු නියම කිරිමට නියමිතය.
දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ අධිකාරී පී.එන්.හේමන්ත මහතා වෙත ලද තොරතුරකට අනුව දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිල් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක සරත් ජයවීර,,සුරාබදු පරීක්ෂක ධම්මික හතුරුසිංහ, සුරාබදු මහ සැරයන් ලොකූ පිටිය සහ සුරාබදු රියදුරු දුමින්ද යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.
