Spread the love

නිමල් රාජපක්ෂ

දිට්වා කුණාටුවෙන් දුම්රිය දුම්රිය දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන දුම්රිය මාර්ග 9 න් 7ක් විනාස වී තිබීම හේතුවෙන් එය නැවත ගොඩ නගන්න රුපියල් මිලියන 300 ක වඩා වැඩි මුදලක් වැය වෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.
නමුත් මේ ව්‍යසනය නිසා රඹුක්කන , කුරුණෑගල , පොල්ගහවෙල ,හලාවත හාපුත්තලම යන දුම්රිය ස්ථානවල දුම්රිය 39 හිරවී තිබීම නිසා දින කිහිපයක් දුම්රිය ධාවනයට බාධා සිදු වුනත් මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන්ගේ කැපවීම නිසා දුම්රිය හතරක් ඇරෙන්න අනික් දුම්රියයන් කොළඹට රැගෙන ඒමට හැකිවු බවද පැවසුවේය.

මේ වනවිට උතුරු දුම්රිය මාර්ගය මඩකලපුව , ත්‍රිකුණාමල ය යන දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත්කොට අද වනවිට දුමරිය ධාවනය කිරීමට පියවර ගෙත තිබෙනවා
ඒ අනුව උතුරු දුම්රිය මාර්ගයේ හෙට (24 )සිට උදය වරුවට කන්කසන්තුරේ බලා දුම්රිය ධාවනය සිදු කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිිිිිිිවරයා පැවසුවේය.

මෙවැනි අකරතැබ්බයත් ඇති වුවත් දුම්රිය මාර්ග නගා සිටුවීමේදී ප්‍රථිපාදන වලින් ගැටලුවක් නොමැති බවත්, රජය පැත්තේන් උපරිම සහයෝගය ලැබී තිබෙන බවත්,. ඒ වාගේම ලබන වසරට ව්‍යාපෘති සදහා වෙන්කර තිබෙන සංවර්ධන මුදල්වල අඩුවක් සිදු කර නොමැතිබවත් දුම්රිය සාමාන්‍යාධාකාරීවරයා පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වු රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා ,

වීඩියෝව නරඹන්න,