Spread the love

නුගේගොඩ මංසන්ධියේ හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් අද (22) රාත්‍රී 8.30ට පමණ සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 25 හැවිරිදි තරුණයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් සහ කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.